මොනවද මේ hashtags ?


 මේ දවස්වල ලංකාවෙ තියෙන  අර්බුදකාරි තත්වෙත් එක්ක  සෝෂල් මීඩියා වලින් එළියට ආපු දෙයක් තමයි  hashtag.  ඇත්තටම මොකක්ද මේ hashtags. මොකක්ද මේකෙන් වෙන්නේ. hashtags වලින් trends හදන්න පුලුවන් ද ? අද අපි කතා කරමු.


1.මොකක්ද මේ  hashtag ?

ඇත්තටම hashtag එකට   නම ඇවිල්ලා තියෙන්නෙ  වචනෙට ඉස්සරහින් #  ලකුණ  පාවිච්චි කරන නිසයි. උදාහරණයක් විදියට #srilanka #photography  වගේ ඕනෑම වචනයක් hashtag එකක් වෙන්න පුළුවන්.


 අපි  social media platform ගොඩක් තියෙනවා. ෆේස්බුක් ට්විටර් Instagram මේ අතරින් කිහිපයක්. මේ හැම  platform  එකකම  hashtag භාවිතා කරන්න පුළුවන්.



2.කොහොමද hashtags පාවිච්චි කරන්නෙ ?


ඕනෑම social media එකක්ට ගිහින් ඔයා post එකක් දාන කොට # ලකුණ ඉස්සරහර දාල වචනයක් type කරනකොට automatically hashtags නිර්මාණය වෙනව.


පහලින් තියෙන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දානකොට #  ලකුණ ගහපුවහම ලැබෙන hashtags ටික.

 මේ වගේ ඕනෑම  වචනයක් hashtag එකක් කරන්න පුළුවන්.




3.මොකටද මේ    hashtag පාවිච්චි කරන්නේ ?


Hashtags හඳුන්වලා දුන්නේ එකම මාතෘකාව යටතේ social media platform එකක් ඇතුලත තියෙන සියලුම දේවල් එම නැත්නම් post, photo, comments ඇතුළුව සියලු content එක තැනකට ගන්න ලේසි වෙන්න.

 උදාරණයක් විදියට hashtag එකක් click  කළොත්, ඔයාට ලැබේවි ඒ hashtag එක යටතේ   සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් එක ඇතුලේ ඕනෑම කෙනෙක් පළකරපු ඕනෑම දෙයක් දකින්න පුළුවන් වෙනවා. ඒ කෙනා යාළුවෙක්ද එහෙම  නැද්ද කියන එකත් අදාල නෑ.


4. Hashtag පාවිච්චි කරන එකේ වාසියක් තියෙනවද ?


වාසි කීපයක්ම තියෙනවා .Hash tag එකක් යටතේ පළ කරන ඕනෑම දෙයක් ඕනෙම කෙනෙක්ට බලාගන්න පුළුවන්  වීම  ගොඩක්ම වැදගත් වෙන්නේ නිර්මාණකරුවන්ට. සීමාරහිතව තමන්ගේ නිර්මාණ කැමති කෙනෙකුට කැමති වේලාවක බලාගන්න පුළුවන් වෙන විදිහකට hashtag එකෙ යටතේ පළ කරන්න පුළුවන්.


උදාහරණයක් විදියට තමන්ගේ මතයට කැමති තවත් අය එකතු කරගන්නවා නම් අපට පුළුවන් has ටෙක් එකක් යටතේ තමාගේ අදහස පළ කරන්න. එතකොට ඒ හැම කෙනාටම  ඊයෙ අදහස් බෙදාගන්න පුළුවන්.


උදාහරණයක් විදියට පසුගිය කාලයේ  ලෝකයේ සිටින කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණය පිළිබඳව මතයක් #blacklivesmatter  යටතේ සමාජ ජාලා තුල ඉතා ලොකු බලපෑමක් ඇති කරා.


 තවත් දෙයක් එකම hashtag යටතේ තියෙන දේවල් බලාගන්න ලේසි වෙන එක සමහර වෙලාවට අවාසියක් වෙන්නත් පුළුවන්.



5.  hashtags පාවිච්චි කරන එකෙන් හානියක් තියෙනවද?


 ඇස්ටෙක් එකක් පාවිච්චි කරා කියලා  තමන්ගේ profile එකට එහෙම නැත්තං තමන්ගේ පෞද්ගලික කිසිම දෙයකට හානියක් වෙනවා කියන්න අමාරුයි.  හැබැයි hashtag එක පාවිච්චි කරලා  දත්ත එකතු කිරීමක් සිදු වෙන බව කියන්න පුළුවන් ඒ නිසා  # පාවිච්චි කිරීමේදී  සැලකිලිමත් උනාට වරදක් නෑ. මොකද තමන්ගේ අතිශය පෞද්ගලික දත්ත අපි ැමෝටම පේන්න සාමාන්‍යයෙන් දාන්නේ නැති නිසා.


 ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ  hashtag කියන එක  එක එක සෝෂල් මීඩියා platform වල එක එක විදියට පාවිච්චි වෙනවා ඉතින් ඒ ගැන අපි ඉස්සරහට කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. 





ඔයාලා  hashtag ගැන දන්න දෙයක් තියෙනවා පහලින් comment කරන්න.

ඒ වගේම hashtag ගැන දැන ගන්න දෙයක් තියෙනවා ඒකත් පහලින් comment කරන්න.


 මේ තොරතුරු ගොඩක් ගත්තේ විකිපීඩියා සහ අන්තර්ජාලය  භාවිතයෙන්.


Like us on Facebook - https://web.facebook.com/thinkingclass404




Comments

Popular posts from this blog

Term Schedule 2022 / පාසල් වාරසටහන 2022